කැලණිය විශ්වවිද්‍යාලයේ කාන්තා නේවාසිකාගාරයක අද (03) පෙරවරුවේ අනපේක්ෂිත ලෙස ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ.
නේවාසිකාගාරයේ තිබූ එක් කාමරයකින් මෙම ගින්න හටගෙන ඇති අතර, එය පැතිර යාම වැළැක්වීම සහ පාලනය කිරීම සඳහා වහාම ගිනි නිවන රථ කැඳවා කටයුතු කර තිබේ.
සිසුවියන්ට හානියක් නෑ දේපළ අළු වෙයි
වාසනාවකට මෙන් ගින්න හටගත් අවස්ථාවේ එම කාමරය තුළ කිසිදු ශිෂ්‍යාවක රැඳී සිට නොසිටි බවට තහවුරු වී ඇත. ඒ හේතුවෙන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැති බව සඳහන් වේ.
කෙසේ වෙතත්, එම කාමරයේ නවාතැන් ගෙන සිටි සිසුවියන්ගේ සියලුම බඩුබාහිරාදිය සහ පෞද්ගලික දේපළ ගින්නට හසුව සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් තිබේ.
කාමරය තුළ මෙම හදිසි ගින්න හටගැනීමට හේතුව කුමක්ද යන්න පිළිබඳව මේ වන තෙක් නිශ්චිත තොරතුරක් අනාවරණය වී නොමැත.






