රෝහල් පද්ධතියේ පරිපාලන කටයුතු වඩාත් කාර්යක්ෂම කරමින් මෙරට ජනතාවට ඉහළම ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් තහවුරු කිරීමේ අරමුණින්, දිවයිනේ ප්‍රධාන පෙළේ රෝහල් පහක් සඳහා නව අධ්යක්ෂවරුන් පත් කිරීම ඊයේ (02) සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සිදු කර තිබේ.
රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුව ලබා දුන් අනුමැතියට අනුව ජ්‍යෙෂ්ඨ පරිපාලන ශ්‍රේණියේ නිලධාරීන් පස්දෙනෙකු වෙත මෙහිදී නිල පත්වීම් ලිපි පිරිනමා ඇති බව වාර්තා වේ.
පත් වූ නව අධ්යක්ෂවරුන් මෙන්න
නව පත්වීම් අනුව, දකුණු කොළඹ (කළුබෝවිල) ශික්ෂණ රෝහලේ නව අධ්‍යක්ෂවරිය ලෙස වෛද්‍ය ඩබ්ලිව්. එම්. යූ. එස්. විජේමාන්න මහත්මියත්, උතුරු කොළඹ (රාගම) ශික්ෂණ රෝහලේ අධ්යක්ෂවරයා ලෙස වෛද්‍ය ඩී. ඒ. කේ. පෙරේරා මහතාත් පත් කර ඇත.
කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ නව අධ්යක්ෂ ධුරයට වෛද්‍ය ඩබ්ලිව්. ඒ. පී. පී. රත්නසේකර මහතා පත් කර තිබේ. මීට අමතරව මඩකලපුව ශික්ෂණ රෝහලේ අධ්යක්ෂවරයා ලෙස වෛද්‍ය ජී. සුකුණන් මහතා සහ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ අධ්යක්ෂවරයා ලෙස වෛද්‍ය ඩබ්ලිව්. එම්. සී. එම්. විජේසිංහ මහතා පත් කරනු ලැබ සිටිති.
උත්සවයට එක් වූ නිලධාරීන්
සෞඛ්‍ය ක්ෂේත්රයේ යහපැවැත්ම වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කිරීමේ වැදගත්කම මෙම අවස්ථාවේදී නව නිලධාරීන්ට පෙන්වා දී තිබේ.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, අතිරේක ලේකම් ජී. එම්. ජනක කිත්සිරි ගුණවර්ධන සහ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) වෛද්‍ය සාගරී කිරිවන්දෙනිය යන මහත්ම මහත්මීන් සහභාගි වී සිටියහ.






